මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාධීන කොමිෂන් සභා නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා- අගමැති

    අගෝස්තු 09, 2018

    ස්වාධීන කොමිෂන් සභා නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබෙන බවත් මේ රටට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්  හඳුන්වා දී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ස්වාධීන කොමිෂන් සභා නවයෙහි සභාපතිවරයන් හා සාමාජිකයන් වෙත දැනට ගෙවනු ලබන දීමනා  සංශෝධනය කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව අද (9) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත්
    අතර විවාදය ආරම්භ කරමින් අග්‍රාමත්‍යවරයා මේ බව පැවසී ය.

    ස්වාධීන කොමිෂන් සභා නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා තිබෙනවා.ස්වාධීන අධිකරණ කොමිෂමක්  තිබෙනවා. අද මුළු අධිකරණ සේවයටම ආරක්ෂව ලබාදී තිබෙනවා. මැතිවරණ කොමිෂමක් තිබෙනවා. එය ඉදිරියට යන්නේ. අපට බලපෑම් කරන්න බෑ. ස්වාධීන රජ්‍ය සේවා කොමිෂමක් ඇති කරලා, රජයේ සේවකයින්ගේ  ස්වාධීනත්වය අරක්ෂා කර තිබෙනවා. අද ලංකාවේ ස්වාධීන ක්‍රමය ගැන මුළු ලොවම ප්‍රසංශා කරනවා.

    අපි පාර්ලිමේන්තු ඡන්දය තිබ්බා. ප්‍රාදේශීය ඡන්දය තිබ්බා. අපි වෙලාවට ඡන්දය තිබ්බා. අද මේ රටේ මාධ්‍ය නිදහස  බලන්න. එදා කිව්වා නම් කී දෙනෙක් ජීවතුන් අතර සිටියි ද?අද තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. අපි ඡන්දය  තියනව. පරණ ක්‍රමයට යනවද අලුත් ක්‍රමයට යනවද කියලා අපි සාකච්ඡ කරනවා. ස්ට්‍රයික් කරන්න පුළුවන් වෙලා  තියෙන්නේ, සුදු වෑන් වලින් අරන් ගිහින් මරන්නේ නැති නිසා. අද ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. මාධ්‍ය පිළිගන්නවා.  ස්වාධීන කොමිෂන් පළමු වරටයි ක්‍රියාකරන්නේ. අපි මේ රටට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.අපි  මේ කොමසාරිස්වරුන්ට දීමනා වැඩි කරන්න කටයුතු කරමු යැයි ද පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya