මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි නිලධාරීන් ස්ථීර සේවයේ පිහිටුවා විශ්‍රාම වැටුපක් ලබා දෙනවා

    අගෝස්තු 09, 2018

    සියලුම සමෘද්ධි නිලධාරීන් වසරක් යෑමට පෙර ස්ථීර සේවයේ පිහිටුවා විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ඔවුන්ගේ සේවා කාලය වසර 23ක් වුවද ඔවුන්ට දේශපාලන ව්‍යාපාරයට යොදවා ගත්ත ද ස්ථීර කොට නොමැත. සමෘද්ධිලාභීන්ගේ ප්‍රශ්න විසඳීමට ප්‍රථම සමෘද්ධි නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳිය යුතුය.මේ වනවිට සමෘද්ධි නිලධාරීන් 27000ක් ද සමෘද්ධි කළමනාකරුවන් 4000කට අධික පිරිසක් ද සිටිති.

    එමෙන් ම මේ වසරේ දී අලුතින් පවුල් ලක්ෂ 03කට සමෘද්ධි සහනාධාර ලබාදෙන බවත් ඉතිරි සියල්ලටම ලබන වසරේ දී ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya