මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බේරුවල කසළ ප්‍රශ්නය විසඳීමට, අගමැතිවරයා මැදිහත් වෙයි

    මැයි 10, 2024

    බේරුවල නගර සභා බල ප්‍රදේශය තුළ එකතු වන අපද්‍රව්‍ය, වත්තිමිරාජපුර ගම්මානයේ ඉඩමකට බැහැර කිරීමෙන්, මතුව ඇති බරපතළ සෞඛ්‍ය ගැටළුව විසඳීම සඳහා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා(09) දින පැවැත්විණි.

    පා.ම. ඉමිටියාස් බාකිර් මාකාර් මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමකට අනුව පැවති මෙම සාකච්ඡාවට, ධිවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාද, පළාත් පාලන අමාත්‍යංශයේ නිලධාරීහු, බේරුවල ප්‍රාදේශීය ලේකම්වරයා, බේරුවල නගර සභාවේ නිලධාරීහු මෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය, පොලිසිය, ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, පළාත් සභා කසළ කළමනාකරණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ආදී අදාළ සියලු ආයතනවල නියෝජිතයෝද කැඳවා තිබිණි.

    ඒ අනුව, අග්‍රාමාත්‍යවරයා වගකිව යුතු අංශවලට උපදෙස් දුන්නේ, එළඹෙන සතියේ අඟහරුවාදා(14) බේරුවල ප්‍රදේශයට ගොස් පරික්ෂා කර බලා, එකතු වී ඇති එම කසළ, වහාම ඊට සුදුසු ස්ථානයකට බැහැර කිරීම සඳහා කටයුතු කරන ලෙසත්, පසුව කසළ නිවැරදිව වර්ගීකරණය කර ඒවා නිසි ලෙස බැහැර කර ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත්ය. දැනට කසළ බැහැර කරන ඉඩම යොදාගනිමින් ක්‍රමවත් කසළ ප්‍රතිචක්‍රීයකරන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද ධිවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මෙහිදී යෝජනා කළේය. සාකච්ඡාව ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට ස්තූති කළ පා.ම. ඉමිටියාස් බාකිර් මාකාර් මහතා, යොදාගත් දින වකවානු අනුව ක්‍රියාත්මක වන ලෙස නිලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya