මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා පටන් ගත් වැඩ නතර කර නැහැ

    මාර්තු 17, 2015

    දූෂිත ව්‍යාපෘති හැරෙන්න මේ රජය මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා පටන් ගත් වැඩ නතර කර නැති බවත් දූෂණ ගැන සොයා බැලීම් සිදු කරන බවත් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා විසින් වාචික පිළිතුරු අ‍පේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    2014 වසරේ යටිතල පහසුකම් සඳහා ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සියල්ල දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ප්‍රා‍දේශීය ලේකම්වරුන් වෙත නිදහස් කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

    සමහර ව්‍යාපෘතිවල ඇස්තමේන්තු ගෙවීම්, අපතේ යාම්, අවභාවිතය පිළිබඳ ප්‍රශ්න ඇත. ඒ ගැන මාධ්‍ය මගින් මෙන් ම මහජනතාවගෙන් ද තොරතුරු ලැබෙනවා. ඒවා ගැන මේ රජය සොයා බලනවා. අලුත් ආණ්ඩුව විමධ්‍යගත අරමුදල් වැඩි කර තියෙනවා. මහජන ධනය අපතේ නොයන පරිදි කටයුතු කරනවා. ප්‍රාදේශීය සංවර්ධන කමිටු, දිස්ත්‍රික් කමිටු හරහා සිදු කර ගිය ව්‍යාපෘති සඳහා සල්ලි ගෙවන්න එපා යැයි කොහේවත් කියා නැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මෙහිදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අනුයුක්තව සිටි සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අදාළ නිලධාරීන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට, සමෘද්ධි හා නිවාස අමාත්‍යාංශයට අනුයුක්ත කර තිබෙන බවත් ඉදිරියේදී එම නිලධාරීන් එක් එක් අමාත්‍යාංශවල අවශ්‍යතාව පරිදි අනුයුක්ත කිරීම සිදු කරන බවත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya