මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රතිපත්තියක් සහ දර්ශනයක් මත තම දේශපාලන ප‍්‍රතිරූපය ගොඩනඟා ගැනීම ඉතා වැදගත්

    මාර්තු 17, 2015
    මුදලේ අගයට නොව ප‍්‍රතිපත්තියක් සහ දර්ශනයක් මත තම දේශපාලන ප‍්‍රතිරූපය ගොඩනඟා ගැනීමට සියලු දේශපාලඥයන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය. 
     
    මුදල් බලයෙන් දේශපාලනයට පිවිස මනාප ඡන්ද ක‍්‍රමය ප‍්‍රයෝජනයට ගැනීම තුළ දේශපාලඥයා සතුව තිබිය යුතු පෞර්ෂත්වය සහ ගුණාත්මක භාවය පිරිහී ගිය බව ද ජනාධිපතිතුමා පැවසීය.
     
    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව පැවසුවේ නව මැතිවරණ ක‍්‍රමයක් සකස් කිරීම පිළිබඳ දේශපාලන පක්ෂ නායකයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට වෙනුවෙන් ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවට එක් වෙමිනි.
     
    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලතල පිළිබඳ රට තුළ ඇති වූ ජනතා විරෝධය මෙන් ම විරෝධයක් අද මනාප ඡන්ද ක‍්‍රමය පිළිබඳ ව ද ඇති වී තිබෙන බවය.
     
    මනාප ඡන්ද ක‍්‍රමය වෙනස්විය යුතුය යන්න තම පෞද්ගලික මතය බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා තම මැතිවරණ ප‍්‍රකාශය තුළින් මෙන් ම දින සියයේ වැඩපිළිවෙළ තුළින් ද ප‍්‍රතිඥා දුන් අයුරින් ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීම පිළිබඳ මූලික කටයුතු මේ වන විට රජය ආරම්භ කර ඇති බවද කියා සිටියේය.
     
    මනාප ක‍්‍රමයෙන් බැහැර වූ රටට ගැළපෙන සහ සුදුසු මැතිවරණ ක‍්‍රමයක් පිළිබඳ මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වු අතර සියලු දේශපාලන පක්ෂ විසින් තම අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.
     
    දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාව පිළිබඳ ව ද මෙහිදී සාකච්ඡාවට බදුන් විය.
     
    නව මැතිවරණ ක‍්‍රමය සකස් කිරීම පිළිබඳ අවශ්‍යනම් අනු කමිටුවක් ද පත්කරගන්නා ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිතුමා මැතිවරණ කොමසාරිස්වරයාගේ සහ නීතිපතිවරයාගේ අදහස්ද සැළකිල්ලට ගනිමින් ඉදිරි කටයුතු කි‍්‍රයාවට නංවන ලෙස උපදෙස් දුන්නේය.
     
    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කතානායක චමල් රාජපක්ෂ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහත්වරු ඇතුළු සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නායකයන් සහ ලේකම්වරුන් මීට එක්ව සිටියහ. එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා මෙන් ම නීතිපතිවරයා ඇතුළු නිලධාරිහු ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya