මෙම අධික වර්ෂාව හේතුවෙන් සුළං සමඟ ජල ගැලීම් හා ගංවතුර ආපදා තත්වය නිසා දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 19,128 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පැවසීය. මොවුන්ට අවශ්‍ය සහන සේවා කටයුතු ප්‍රාදේශීය ලේකම්වරු, ආපදා සහන සේවා නිලධාරින් සහ ග්‍රාමනිලධාරින්ගේ මැදිහත්වීමෙන් සිදුකෙරෙන බව ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ ය.
කරුවලගස්වැව, මාදම්පේ, මහකුඹුක්කඩවල, මුන්දලම, පුත්තලම, හලාවත, ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි වැසියන් මෙලෙස ආපදාවට ලක්ව සිටිති. ඒ අනුව කරුවලගස්වැව වීරපුර වසමෙහි එක් පවුලක්,මාදම්පේ කුඩිරිප්පුව වසමෙහි එක් පවුලක්, මහකුඹුක්කඩවල මොහොරිය වසම හා කඩයන්කුලම වසම් හි පවුල් හතරක වැසියන් , මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තාරකුඩිවිල්ලුව,මඳුරන්කුලිය, නල්ලදරන්කට්ටුව, අගුණවිල, කරතන්විල්ලුව, පුබුදුගම වසම් හි පුද්ගලයින් 343 දෙනෙකු, පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලවිය, පුත්තලම දකුණ, මනතිව්, රත්මල්යාය,මුල්ලිපුරම්,සේනකුඩිඉරිප්පුව,තිල්අඩිය,අට්ටවිල්ලුව,පුත්තලම නැගෙනහිර,මරික්කාර් වීදිය, පුදුකුඩිඉරිප්පුව යන වසම් හි පවුල් 4582ක පුද්ගලයින් 18,497 දෙනෙකු මෙලෙස පීඩාවට පත් ව සිටින බව වාර්තා වේ. එමෙන්ම හලාවත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කුරුස පාඩුව වසමෙහි පුද්ගලයින් 17දෙනෙකු සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජකදළුව, ආනවිලුන්දාව,මහමාඑළිය වසම් හි පවුල් 66 ක පුද්ගලයින් 256 දෙනෙකු ගංවතුර ආපදාවට ලක්ව සිටිති. මෙම වසම් හි නිවාස හානි 7ක් වාර්තාවේ.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පීඩාවට පත් පිරිස් සුරක්ෂිත මධ්‍යස්ථාන 04ක රඳවා ඇත.. පුත්තලම දකුණ වසමෙහි පවුල් 200ක පුද්ගලයින් 600 දෙනෙකු ශ්‍රි විසුද්ධාරාම විහාරස්ථානයේ රඳවා සිටිති. එම වසමෙහිම පු/දකුණ ප්‍රජා ශාලවෙහි පවුල් 50ක පුද්ගලයින් 160 දෙනෙකු රඳවා ඇත. පාලවිය වසමෙහි කුවේට් විලේජ් පෙරපාසලෙහි පවුල් 50ක පුද්ගලයින් 185 දෙනෙකු සුරක්ෂිතව රඳවා සිටිති. එමෙන්ම මුල්ලිපුරම් වසමෙහි වෙට්ටාල් රජයේ පාසලෙහි පවුල් 40ක පුද්ගලයින් 195 කු රඳවා ඇත. ඒ අනුව මෙම සුරක්ෂිත ස්ථානයන් හි රඳවා සිටින පවුල් හි පුද්ගලයින් 1140 දෙනෙකු ට මේ වන විට පිසූ ආහාර ලබා දීමේ කටයුතු ආපදා සහන සේවා නිලධාරින්ගේ මැදිහත්වීමෙන් සිදුකෙරේ.