මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජයේ වැඩපිළිවෙළ පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයාගේ පැසසුමට

    මාර්තු 12, 2015
    ශී‍්‍ර ලාංකීය ජනතාවගේ ආර්ථික ගැටලු විසඳමින් සහ එම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතින් සුරැකීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ ඉතා විශිෂ්ට බව පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා පැවසීය.
     
    පොදුරාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙලට සහභාගීවීමට එක්සත් රාජධානියට ගිය ජනාධිපතිතුමා සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ෂර්මා මහතා අතර නිල හමුව ඊයේ (11) ලන්ඩන්නුවර දී පැවැත්වුණු අතර එහිදී මහ ලේකම්වරයා මේ බව පැවසීය.
     
    පොදුරාජ්‍ය මණ්ඩලයීය සැමරුම් දින උළෙලට සහභාගී වන ලෙස කරන ලද ආරාධනය පිළිගෙන පැමිණීම පිළිබඳ පළමුව ජනාධිපතිතුමා වෙත ස්තූතිය පළ කළ කමලේෂ් ෂර්මා මහතා නව රජයේ වැඩපිළිවෙළට පොදුරාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් තම සුභාශිංසන පළ කළේය.
     
    එමෙන්ම උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජනතාව වෙනුවෙන් වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද මහලේකම්වරයා තම සතුට පළ කළේය.
     
    එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම සඳහා වාර්තා ඉදිරිපත් කිරීමට දේශීය යාන්ත‍්‍රණයක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සිය සතුට පළ කළ මහලේකම්වරයා ඊට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව පැවසීය.
     
    එම කටයුතු සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ද සහභාගී කරවා ගැනීමට කටයුතු කිරීම ද මහලේකම්වරයාගේ ඇගයීමට ලක් විය.
     
    කොමිෂන් සභා ස්ථාපිත කිරීමට ගත් කි‍්‍රයාමාර්ගයද ඉතා වැදගත් බව පෙන්වා දුන් මහලේකම්වරයා තොරතුරු දැන ගැනීමේ පනත ද නව රජයේ ඉතා වැදගත් කි‍්‍රයාමාර්ගයක් බව පැවසූ අතර ඒ දෙස සියලුදෙනාගේ අවධානය යොමුව තිබෙන බව ප‍්‍රකාශ කළේය.
     
    මැතිවරණය කල් දමනවාදැයි මෙහිදී මහලේකම්වරයා ජනාධිපතිතුමාගෙන් ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මැතිවරණය කල් දැමීමට තමාට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.
     
    එහෙත් ශී‍්‍ර ලංකාවේ මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් සිදු කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම වෙනස්කම් සිදු කිරීමෙන් අනතුරුව මැතිවරණයට යා හැකි නම් එය වඩා උචිත බව තමා විශ්වාස කරන බව කියා සිටියේ ය.
    රජයේ වැඩපිළිවෙළ සාර්ථක කර ගනිමින් ජනතාවට දුන් ප‍්‍රතිඥා ඉටුකිරීමට නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් තිබිය යුතු බව ද ප‍්‍රකාශ කළේය.
     
    ලබන සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට මුහුණදීමට අවශ්‍ය දේශීය යාන්ත‍්‍රණය සඳහා මේ වන විට රජය කටයුතු කරමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා මේ පිළිබඳ අත්දැකීම් තම රටට නොමැති අතර එහි ඇති අඩු පාඩු පෙන්වා දෙමින් එය ඉදිරියට ගෙන යාමට සහය ලබාදෙන ලෙස ද මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.
     
    ලන්ඩන් සංචාරයේ දී ද්‍රවිඩ ජනතාවගෙන් විරෝධතාවක් එල්ලවූවාදැයි මහලේකම්වරයා නැගු ප‍්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ දීර්ඝ කාලයක් පුරා ලන්ඩන් නුවර පදිංචි ඉහළ පැලැන්තියේ ද්‍රවිඩ ජාතිකයන් පිරිසක් තමාට මුණ ගැසුණු බවයි. එහෙත් ඔවුන්ගෙන් කිසිදු විරෝධතාවක් තමාට එල්ළ නොවූ අතර ශී‍්‍ර ලාංකාවේ ජීවත්වන සියලු ජන කොටස් වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ඔවුන් අවබෝධයෙන් සිටින බව ද ප‍්‍රකාශ කළේය.
     
    එක්සත් රාජධානියට පැමිණි තමාට ලැබුණ ඉහළ පිළිගැනීම පිළිබඳ මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපතිතුමා මහ රැජන, අග‍්‍රාමාත්‍යතුමා, විපක්ෂනායකවරයා ඇතුළු සියලුදෙනාගෙන් තමාට ලැබුණේ උණුසුම් පිළිගැනීමක් බව ද ප‍්‍රකාශ කළේය.
     
    විශේෂයෙන් ම බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා සමඟ පැවති සාකච්ඡා ඉතා ප‍්‍රතිඵලදායක බව ද පැවසීය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya