මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බි‍්‍රතාන්‍ය මහ රැජනගෙන් ජනපතිට සුබපැතුම්

    මාර්තු 12, 2015
    ශී‍්‍ර ලංකා නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳ තමා තුළ පැහැදීමක් ඇති බවත් නව රජයේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සුබ පැතුම් එක් කරන බවත් බි‍්‍රතාන්‍යයේ දෙවන එළිසබත් මහ රැජන පැවසීය.
     
    පොදුරාජ්‍ය මණ්ඩලයීය සැමරුම් දින උළෙලට සහභාගීවීමට එක්සත් රාජධානියේ නිල චාරිකාවක නිරත ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (11) දහවල් බකිංහැම් මාලිගාවේ දී බි‍්‍රතාන්‍යයේ දෙවන එළිසබත් මහ රැජන හමු වූ අවස්ථාවේ ප්‍රකාශ කර ඇත.
     
    බි‍්‍රතාන්‍ය මහ රැජනගේ ආරාධනාවක් මත බකිංහැම් මාළිගාව වෙත ගිය ජනාධිපතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය බි‍්‍රතාන්‍ය මහ රැජන විසින් ඉතා සුහදශීලිව පිළිගන්නා ලදී. අනතුරුව මහ රැජන ජනාධිපතතිතුමා සහ එම මැතිණිය සමඟ සුහද කතාබහකට ද එක් වූහ.
     
    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ද දෙවන එලිසබත් මහ රැජන මෙහිදී සිය සුභාශිංසන පළ කළේය.
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya