මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජයක් බලයට පත් කර ශී‍්‍ර ලාංකික ජනතාව තැබූ බලාපොරොත්තු ඒ අයුරින් ම ඉටුකරනවා

    මාර්තු 12, 2015
    නව රජයක් බලයට පත් කර ගනිමින් ශී‍්‍ර ලාංකික ජනතාව තැබූ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුකිරීමට කැපවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය. දුගී බව තුරන්කර සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට මෙන්ම ජාතීන් අතර ඇති අවිශ්වාසය, බිය සහ සැකය දුරුකර සාමකාමී රටක් ගොඩනැගීමට වත්මන් රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (11) ලන්ඩන් හි පදිංචි ශී‍්‍ර ලාංකික ජනතාව හමු වූ අවස්ථාවේදී ය.
     
    පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් කඩවීමට ඉඩ නොතබන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ජනතාවට ලබා දුන් පොරොන්දු ඒ අයුරින් ම ඉටුකිරීමට අග‍්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සමඟ කැප වී කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.
     
    ලන්ඩන් හි පදිංචි ශී‍්‍ර ලාංකික ජනතාව විසින් මෙහිදී ජනාධිපතිතුමාව මහත් හරසරින් පිළිගත් අතර සමරු තිළිණයක් ද පිළිගන්වන ලදී.
     
    මේ අතර පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කළ "සපෝට් මෛත්‍රී යූ.කේ" සංවිධානයේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ද පසුගියදා ජනාධිපතිතුමා හමු විය.
     
    ශී‍්‍ර ලාංකීය ජනතාව අපේක්ෂා කළ වෙනස එම ජනතාවට ලබාදීමට සහය දැක්වීම පිළිබඳ මෙහිදී ඔවුන්ට ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා රජයේ ඉදිරි කටයුතුවල දී ද සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බව පැවසීය.
     
    එමෙන්ම "සපෝට් මෛත්‍රී යූ.කේ" සංවිධානය නියෝජනය කරන හෙළ උරුමයේ, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඇතුළු පිරිසක් ද ඊයේ ලන්ඩන් නුවර දී ජනාධිපතිතුමා හමු විය. ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද සුහද කතාබහක නිරත විය. 
     
    යාපනයේ හින්දු විද්‍යාලයේ ලන්ඩන් ශාඛාවේ ආදි සිසුන් පිරිසක් ද ඊයේ ලන්ඩන් නුවරදී ජනාධිපතිතුමා හමු වූහ. සියලු ජන කොටස් අතර සාමය සහ විශ්වාසය තහවුරු කරමින් රටේ සියලු ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ඔවුන්ගේ ඇගයීමට ලක්වු අතර ජනාධිපතිතුමා වෙත සිය උපහාරය පුද කරමින් සමරු තිළිණයක්ද පිළිගැන්වීය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ලන්ඩන් සංචාරයට විරෝධය පළ කරමින් එල්.ටී.ටී.ඊ හිතවාදින් පිරිසක්  විරෝධතාවක් ලන්ඩන් නුවරදී පැවැත්වූ අතර එම ස්ථානය වෙත ඊයේ ගිය ජනාධිපතිතුමා තම නිල රථයෙන් බැස විරෝධතාකරුවන්ට අචාර කිරීමට කටයුතු කිරීම ද විශේෂත්වයක් විය.
     
     NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya