මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හෙට පාර්ලිමේන්තුව අමතයි

    මාර්තු 12, 2015

    ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා හෙට (13) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා පැවසීය.

     

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු වසර 36කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන ඓතිහාසික අවස්ථාව හෙට උදා වේ.

     

    හෙට සවස 03.00ට පමණ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණෙන අතර එහිදී ශ්‍රී ලංකා පාරිලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා නිල වශයෙන් පිළිගැනීමට නියමිතය.

     

    ඉන් අනතුරුව කථානායකවරයාගේ මූලාසනයෙන් පාර්ලිමේන්තු සභාව ආරම්භ වන අතර කථානායකවරයාගේ ආරාධනයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලබයි.

     

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එම අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශ සිදු කිරීමට නියමිතය.

     

    සභාවේ කටයුතු අවසන් වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ තබා ඇති විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පුස්තකයේ සමරු සටහනක් තැබීම සිදු කෙරේ.

     

    ඉන් අනතුරුව රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමට නියමිතය.

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya