මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑ ම ක්ෂේත‍්‍රයක ආධාර සැපයීමට මහා බි‍්‍රතාන්‍ය සූදානමින් - අගමැති කැමරන්

    මාර්තු 11, 2015
    ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම උදෙසා ක‍්‍රියාත්මක වැඩපිළිවෙළේ දී අවශ්‍ය  ඕනෑම ක්ෂේත‍්‍රයක ආධාර ශ‍්‍රී ලංකාව වෙත නොපැකිලි ව ලබාදීමට මහා බි‍්‍රතාන්‍ය සූදානම් බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැවසීය. 
     
    අංක 10, ඩවුනින්ග් වීදියේ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය නිල නිවසේ දී ඊයේ (10) පස්වරුවේ ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමන් සමග පැවති නිල හමුවේ දී බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කොට ඇත. 
     
    උතුරු නැගෙනහිර ජනතාව ඇතුළු සමස්ත ශ‍්‍රී ලාංකීය ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ක‍්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ ව මෙහිදී ජනාධිපතිතුමා විසින් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ අතර උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ලබාදීමටත් ජාතීන් අතර සහජීවනය සහ සංහිඳියාව ගොඩනැගීම උදෙසා ප‍්‍රතිසන්ධාන කාර්ය බලකායක් පිහිටුවීම පිළිබඳවත් මෙහිදී කරුණු සඳහන් කළේය. 
     
    මෙම කාර්ය බලකායේ වාර්තාව ලබන ජූලි මස වන විට ලබාගැනීමට නියමිත බව ද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිතුමා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කර ඇති බව ද සඳහන් කළේය. 
     
    පසුගිය ජනාධිපතිවරණයෙන් ලද විශිෂ්ට ජයග‍්‍රහණය සමගින් ශ‍්‍රී ලංකාව නව මාවතක් ඔස්සේ ගමන් ගැනීම පිළිබඳ ව සිය ප‍්‍රශංසාව පළ කළ කැමරන් අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙළ යටතේ උතුරු නැගෙනහිර පළාත්වල මේ වනවිට නිර්මාණය වෙමින් පවතින යහපත් තත්ත්වය පිළිබඳ ව තමන් සතුටු වන බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya