අගමැති UNESCO හි සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශයට යයි

අගමැති UNESCO හි සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශයට යයි
  • SocialShare:

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්විය. එලඹෙන අප්‍රේල් 1 වන අඟහරුවාදා UNESCO මූලස්ථානයේදී  එහි අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසූලේ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘ශ්‍රී ලංකාවේ අනුරාධපුර පූජනීය නගරයේ ලෝක උරුමය ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ හා තිරසාර ප්‍රවේශයක් සහ ඒ ආශ්‍රිත ජීවන උරුමය’ පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ සමුළුවේ සැසිවාරයක් සඳහා අග්‍රාමාත්‍යවරිය සහභාගී වීමට නියමිතය.

යුනෙස්කෝව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වයෙන් සංවිධානය කරන ලද මෙම සමුළුව, අතිවිශාල සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමක් ඇති UNESCO ලෝක උරුම අඩවියක් වන අනුරාධපුරය සංරක්ෂණය කිරීමට තිරසාර උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර විශේෂඥයින් එක්රැස් වී පැවැත්වෙන්නකි.

සමුළුවට සමගාමීව, ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හමුවීමට ද නියමිතය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.