ඉන්ධන මිල සංශෝධනය කෙරේ – පෙට්‍රල් මිල 10 කින් අඩුවෙයි

ඉන්ධන මිල සංශෝධනය කෙරේ – පෙට්‍රල් මිල 10 කින් අඩුවෙයි
  • SocialShare:

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 361ක් වනු ඇත.

සෙසු මිල ගණන් නොවෙනස්ව පවතින බවද ඛනිජ තෙල් සංස්ථාව එම නිවේදනය මගින් සඳහන් කර තිබේ.

එම නිවේදනය පහත දැක් වේ.

e246ad5d b87b 4080 a515 b51c8c8d1e34