අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ජල දිනය අද

    මාර්තු 22, 2014

    මෙම වර්ෂය සඳහා ලෝක ජල දිනය සැමරීම අදට (22) යෙදී ඇත.

    ඒ නිමිති කර ගනිමින් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන උත්සවය අද පෙ.ව.8.30ට රාජගිරිය, ශ්‍රී ලංකා මහ බැංකු අධ්‍යාපන කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිත වේ.

    මෙවර ලෝක ජල දිනයෙහි තේමාව ජලය හා බලශක්තිය යන්නයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර නේවාසික නියෝජිත ආනන්ද මල්ලවතන්ත්‍රී, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාජල් තුසිත සුගතපාල, ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා, ආචාර්ය හේරත් මන්ත්‍රීතිලක හා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ තිරසර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ආර්.ඩී.එස්. ජයතුංග යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිත වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya