අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රවේශ මාර්ග ඉදිකිරීම පිළිබඳව නිලධාරීහු දැනුවත් කෙරෙති

    මාර්තු 22, 2014

    ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රවේශ මාර්ග ඉදිකිරීම පිළිබඳව කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලධාරීන් දැනුවත් කිරීමේ රැස්වීමක් පසුගියදා කුරුණෑගල දී පැවැත්විණි.

    2011.04.27 දින ලබා දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ආබාධ සහිත පුද්ගලයින් සඳහා සෑම පොදු ගොඩනැගිල්කටම ප්‍රවේශ මාර්ග ඉදිකිරීම අනිවාර්ය වන බව මෙම වැඩමුළුව ඇමතූ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී.හිටිසේකර මහතා පැවසීය.

    මේ සඳහා ලබා දී ඇති කාලය 2014.10.16 වන අතර මෙම දිනයෙන් පසු මෙම නියෝග ක්‍රියාත්මක නොකරන ආයතන ප්‍රධානීන්ට විරුද්ධව නඩු පැවරීමට ද හැකි බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. පවතින ගොඩනැගිලි සඳහා ප්‍රවේශ මාර්ග හැකි ආකාරයට සකස් කළ යුතු ය. නව ගොඩනැගිලි ඉදි කිරීමේදී මෙම නියෝග පිළිපැදීම අනිවාර්ය වන බවත්, යම් ආයතනයකට පිවිසීමට අපහසුතා ඇති ගැබිණි මව්වරුන් ඇතුළු පුද්ගලයින් වසරකට මිලියන 04ක් පමණ ලංකාවේ සිටින බවත්, මෙහි අවශ්‍යතාවය ඉන් ඉතා වැදගත් බවත්, දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

    2006 ඔක්තොම්බර් 17 ප්‍රවේශ පහසුකම් පිලිබඳ රෙගුලාසි සඳහා ඇති විශේෂ ගැසට් පත්‍ර යේ විධිවිධාන අනුව ප්‍රවේශ මාර්ග ඉදිකළ යුතු ආකාරය නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනූෂා ලියනමාර මහත්මිය විසින් පැහැදිලි කරන ලදී.

    ECB/AK dmu (Kurunegala)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya