අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු අප්‍රිකානු උප ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක Featured

    ජූලි 07, 2014

    ශ්‍රී ලංකා රජයේ ආරාධනයක් අනුව අප්‍රිකානු රජයේ විශේෂ නියෝජිත උප ජනාධිපති සිරිල් රම්පෝෂා (Cyril Ramposa) මහතා ඇතුළු නියෝජිත පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද (07) දිවයිනට පැමිණියහ.


    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඒ මහතා ඇතුළු පිරිස පිළිගනු ලැබූයේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් ද වාස් ගුණවර්ධන යන මහත්වරුන් විසිනි.


    උප ජනාධිපති සිරිල් රම්පෝෂා මහතාගේ මෙම සංචාරය අතරතුර ජනාධිපතිතුමා ඇතුළු රජයේ දේශපාලන නායකයන් සමගත්, ඉහළ පෙළේ නිලධාරින් සමගත්, ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට හා දෙරටේ අත්දැකීම් බෙදාහදා ගැනීමට කටයුතු කරනු ඇත.

     

    අද (07) ප.ව. 05.00ට කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේදී විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස් සහ අප්‍රිකානු රජයේ උප ජනාධිපති සිරිල් රම්පෝෂා මහත්වරු හමුවීමට නියමිතය.


    HC/WA

    South African Deputy President

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya