ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් නිල වශයෙන් පත්වීම් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් නිල වශයෙන් පත්වීම් ලබයි
  • SocialShare:
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවේ පාලන පද්ධතිය සහ ව්යුහාත්මක ප්රතිසංස්කරණ ක්රියාවලිය විධිමත් කිරීම සඳහා පත් කරන ලද "ක්රිකට් පරිවර්තන කමිටුවේ" (Cricket Transformation Committee) සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්රදානය කිරීම ඊයේ (04) තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශ පරිශ්රයේදී සිදු කෙරිණි.

 සිදත් වෙත්තමුනි මහතා , තුශිර රදැල්ල මහතා, ප්රකාශ් ෂාෆ්ටර් මහතා, අවන්ති කොළඹගේ මෙනවිය කමිටු සාමාජිකයින් ලෙස සිය පත්වීම් ලිපි ලබා ගන්නා ලදි.

මෙම කමිටුව සඳහා නම් කර ඇති හිටපු ප්රවීණ ක්රිකට් ක්රීඩකයින් වන රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර යන මහත්මාවරුන් මේ වන විට දිවයිනෙන් බැහැරව සිටින බැවින්, ඔවුන් දිවයිනට පැමිණි වහාම එම පත්වීම් භාර දීමට නියමිත බව අමාත්යාංශය වැඩිදුරටත් තහවුරු කරයි.
 
1973 අංක 25 දරන ක්රීඩා පනතේ (සංශෝධිත) ප්රතිපාදන ප්රකාරව අමාත්යවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම කමිටුව ක්රියාත්මක වන අතර, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ (SLC) පරිපාලනය පරීක්ෂා කිරීම සහ ව්යුහමය සංශෝධන ක්රියාත්මක කිරීමේ වගකීම පවරා ඇත.