පාසැල් ක්‍රීඩාවට රු.මිලියන 450ක දැවැන්ත ආයෝජනයක්

පාසැල් ක්‍රීඩාවට රු.මිලියන 450ක දැවැන්ත ආයෝජනයක්
  • SocialShare:

දිවයින පුරා පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරීමට රුපියල් මිලියන 450ක ව්‍යාපෘතියක් රජය ආරම්භ කර ඇත.

මෙහි පළමු අදියර ලෙස රුපියල් මිලියන 25ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම ඊයේ (08) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

එහිදි සංකේතාත්මකව දිවයිනේ පාසල 03ක් සඳහා ක්‍රීඩා උපකරණ ලබා දීම සිදු කෙරිණි. ඉදිරියේදී පාසැල් රැසක් සඳහා ක්‍රිඩා භාණ්ඩ බෙදාදීම සිදු කිරීමට නියමිතයි.

සමස්ථ ව්‍යාපෘතිය සදහා පූර්ණ ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 450 ක මුදලක් වෙන් කර ඇත. එයින් පාසල් ක්‍රීඩාංගණ සංවර්ධනය සහ ක්‍රීඩා උපකරණ ලබාදීම සිදු කෙරේ.

මෙම උපකරණ  කට්ටලවලට ක්‍රිකට්,රග්බි,දැල්පන්දු මෙන්ම මලල ක්‍රීඩා ඉසව් සඳහා අවශ්‍ය වන විසි කිරීමේ හා පැනීමේ උපකරණද ඇතුලත් වේ.