ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
  • SocialShare:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද(29) සිට බලපැවැත්වෙන පරිදි තම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයන නිවේදනය කරයි.

ඔහු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ නිලධාරීන් සහ සාමාජිකයන්ද සිය ඉල්ලා අස්වීම් ඉදිරිපත් කර ඇති බවද සඳහන් වේ.

මෙම තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට නිල වශයෙන් දැනුම් දී ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.