නැගෙනහිර පළාතේ ව්‍යවසායකයන්ගේ අපනයන හැකියාව ඉහළ නැංවීම සඳහා ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ක්‍රියාත්මක කරන නව අපනයනකරුවන් සංවර්ධන කිරීමේ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ශ්‍රි ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ දී (Techno Park of Eastern University, Sri Lank) ඊයේ (18) පැවැත්විණි.
දේශීය ව්‍යාපාරිකයින් අපනයන කර්මාන්තවල ආයෝජනය කිරීමට උනන්දු කිරීම සහ නව අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනාගෙන විසඳීම මෙන්ම සුළු පරිමාණ අපනයන ව්‍යාපාරිකයින් හඳුනා ගැනීම , රාජ්‍ය සහ පුද්ගලික අංශ සහාය ඔස්සේ ඔවුන් සංවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
ධීවර නිෂ්පාදන, පලතුරු සහ එළවළු, සැකසූ ආහාර, අපනයන සේවා සහ අත්යන්ත්‍ර සහ හස්ත කර්මාන්ත වැනි ජීවන රටා නිෂ්පාදන වැනි අංශ කෙරෙහි මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරිණි.
මෙම දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය නැගෙනහිර පළාතේ ව්‍යාපාරිකයින්ට අපනයන අවස්ථා හඳුනා ගැනීමට, අපනයන කර්මාන්ත පිළිබද අවබෝධය ලබා ගැනීමට සහ ප්‍රායෝගික සබඳතා ස්ථාපිත කරගැනීමට අවස්ථාව හිමි වී තිබේ.
ව්‍යවසායකයින්ට අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ප්‍රධාන පාර්ශවකරුවන් ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව පී එල් සී , ශ්‍රි ලංකා ටෙලිකොම්, ශ්‍රි ලංකා රේගුව, කාර්මික තාක්ෂණ ආයතනය, Union Inspection Sri Lanka (Pvt) Ltd, Lanka Shipping & Logistics (Pvt) Ltd, ජාතික පශ්චාත් අස්වනු කළමනාකරණ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI), ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD), ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, කාර්මික සංවර්ධන මණ්ඩලය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය (SEDD), ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය (NPS), ජාතික ශිල්ප සභාව (NCC), ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇඟලුම් ආයතනය (SLITA),(IDB) Earth Bound Creations (Pvt) Ltd, Printcare Digital Solutions (Pvt) Ltd, Kiyota Coffee Company (Pvt) Ltd සහ Shades IT Solutions යන ආයතන මෙම වැඩසටහනට සහභාගී වී ඇත.