ශ්‍රී ලංකාව නැවත ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය කෙරේ

ශ්‍රී ලංකාව නැවත ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය කෙරේ
  • SocialShare:

ලෝක බැංකු සමූහය ඪයේ (01) නිකුත් කළ නවතම ආදායම් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම්ලාභී රටක සිට ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටක් බවට නැවත වර්ගීකරණය කර තිබේ.

එක් පුද්ගලටකුට හිමි දළ ජාතික අදායම ( GNI Per Capita) පදනම් කර ගනිමින් සිදු කරන මෙම වාර්ෂික වර්ගීකරණයේදී ජෝර්දානය, මයික්‍රොනීසියාව, පිලිපීනය , වියට්නාමය සහ ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම්ලාභී කාණ්ඩයට උසස් කර ඇත.
ලෝක බැංකුව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව 2022 වසරේ දැඩි ආර්ථික අර්බුදයකට මූහුණ දුන්නද වසර තුනක් ඇතුළත කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් අත් කර ගෙන ඇති බවයි.
එසේම 2025 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදනය සියයට 5කින් වර්ධනය වී ඇති අතර කර්මාන්ත ක්ෂේත්‍රය සහ මූල්‍ය සේවා , සංචාරක සේවා ක්ෂේත්‍රවල වර්ධනය මේ සඳහා සෘජුව දායක වී ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.