අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්ය මට්ටමේ එකඟතාවයක්

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්ය මට්ටමේ එකඟතාවයක්
  • SocialShare:

ශ්‍රී ලංකාව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) අතර ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කාර්ය මට්ටමේ එකඟතාවයක් ඇතිවී ඇති අතර, එය දිගුකාලීන ණය පහසුකම් වැඩසටහන (EFF) යටතේ 5වන හා 6වන සමාලෝචනයන් අවසන් කර තිබේ.

ඒ අනුව IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් ලබාගැනීමට හැකි වේ.
අද (09) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත Evan Papageorgiou මහතා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් විදේශ සංචිත වැඩිවී ඇති අතර, ආර්ථික වර්ධනය සහ රාජ්‍ය ආදායම් එකතු කිරීම අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බව ඒ මහතා ඉදිරිපත් කළ ප්‍රකාශනයේ සඳහන් වේ.
එහෙත්, මැදපෙරදිග ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් බාහිර ආර්ථික අවදානම්වලට ලක්ව ඇති අතර Cyclone Ditwah හි බලපෑම්වලින් යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලියද තවදුරටත් සිදුවෙමින් පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය.
ආර්ථික ස්ථායීතාවය රැකගැනීමට, සමගාමී වර්ධනයක් ඇති කිරීමට සහ අනාගත ආර්ථික අර්බුදවලට මුහුණදීමට හැකිවීමට ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල අවධාරණය කරයි.