2025 වර්ෂයේ සිව්වන කාර්තුව (ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා) සහ සමස්ත වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඇස්තමේන්තු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
එම වාර්තාවට අනුව, 2024 වසරේ ස්ථාවර මිල (2015) යටතේ රු. 12,508,954 මිලියන ලෙස වාර්තා වූ GDP අගය, 2025 වසරේදී රු. 13,128,577 මිලියන දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 5.0%ක වර්ධනයක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුන වන කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා ක්ෂේත්‍රයන් 2025 වසරේදී පිළිවෙළින් 1.4%, 7.8% සහ 3.3% ලෙස වර්ධනය වී ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද, 2025 වසරේ සිව්වන කාර්තුව තුළ GDP වර්ධනය 4.8%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය වසර අවසානයේ ආර්ථික ක්‍රියාකාරකම්වල සෘජු වර්ධනයක් පෙන්වන බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


