2025 සහ 2026 යන වසරවලදී ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙයි.
2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි ආර්ථික සංගණනය සිදු කිරීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම කැබිනට් පත්‍රිකාව යොමුකර තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට 2013/14 වසරවල ආර්ථික සංගණනයක් පවත්වා තිබේ.
එම සංගණනයේදී රැස් කළ දත්ත යාවත්කාලීන කිරීම සඳහා කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනම අදියර 2කින් ආවරණය වන පරිදි 2025 සහ 2026 යන වර්ෂයන්හීදී ආර්ථික සංගණනය පැවැත්වීමට සැලසුම් කර ඇත.