ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ අධි අවදානම් සහ අඩු ආදායම්ලාභී පවුල්වල තෝරාගත් සිසුන් සිය (100) දෙනෙකු සඳහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගිය දා (23) සිදු කෙරිණි.
"සෙනෙහසයි පාසලයි" වැඩසටහන යටතේ වුඩ්ලන්ඩ්වත්ත ප්‍රාථමික විද්‍යාලය සඳහා සහ විශ්වවිද්‍යාල වරම් ලැබූ අඩු ආදායම්ලාභී ශිෂ්‍යාවක් සදහා ලැප්ටොප් පරිගණකය බැගින් ප්රදානය කිරීමක් ද මෙහි දී සිදු කෙරිණි.
මෙහි දී කොට්ඨාසයේ දහම් පාසල් අතර පවත්වන ලද දහම් දැනුම මිනුම තරගාවලියේ සහ විවාද තරගාවලියේ ජයග්‍රාහක කණ්ඩායම් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්රදානය ද සිදු කෙරිණි.
මේ සදහා රුපියල් ලක්ෂ 12ක පමණ පිරිවැයක් දරා තිබූ අතර ඒ සදහා වන පූර්ණ මූල්‍ය දායකත්වය ජර්මනියේ වෙසෙන ව්‍යාපාරික මහේෂ් සිල්වා මහතා විසින් ලබා දී තිබුණි.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය- ගාල්ල