මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශ්‍රාමිකයන්ට හා ඔවුන්ගෙන් පවුල්වල අයට බෝ නොවන රෝගවලින් වැලකීම සඳහා අවශ්‍යය මාර්ගෝපදේශ හා යෝගී ව්‍යායාම කිහිපයක පුහුණුවක් ලබා දීම ඊයේ (27) පේමඩුවේ පිහිටුවා ඇති විශ්‍රාමිකයන්ගේ රැස්විම් ශාලාවේ දී සිදු කෙරිණි.
මෙම පුහුණුව මඟින් ඔවුන්ට සිය නිවසේ දී වුව ද පහසුවෙන් කරගත හැකි වන ව්‍යායාම හඳුන්වාදී ඇති අතර සෑම මසකම මෙම විශ්‍රාමිකයින් සඳහා අයුර්වේද වෛද්‍ය සායනයක් ද පවත්වනු ලැබේ.
ඖෂධ සඳහා අනුග්‍රහය මහවිලච්චිය රණවිරු සංසදය මගින් දරන අතර ඉදිරියේ දී ද මහවිලච්චිය කොට්ඨාසයේ මෙවැනි වැඩ සටහන් ස්චේඡ්ජා සංවිධාන තෝරාගෙන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මහවිලච්චිය ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාවේ පේමඩුව වසම භාරව කටයුතු කරන කමල් කේ.චන්දන මහතා විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා මඟ පෙන්වීම ප්‍රජා සෞඛ්‍ය සේවයේ අධ්‍යක්ෂක වෛද්‍ය අමාලි පෙරේරා හා මහවිලච්චිය කොට්ඨාසයේ ප්‍රජා සෞඛ්‍ය සේවාව බාර වෛද්‍ය කල්පනි කුලරත්න යන මහත්මින් සිදු කර ඇත.
මහවිලච්චිය මාධ්‍ය සම්බන්ධීකාරක - සනත් කහවත්ත
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - අනුරාධපුරය