කොළඹ දිස්ත්‍රික්කය තුළ Clean Sri Lanka වැඩසටහන මේ මස 09 වැනිදා නිළ වශයෙන් ආරම්භ වේ.
ඒ අනුව එළැඹෙන 09 වන දින කොළඹ, රත්මලාන, මොරටුව, තිඹිරිගස් යාය, දෙහිවල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළ තීරයන් පිරිසිදු කිරිමටත් අනෙකුත් ප්‍රා.ලේ.කාර්යාල මගින් ප්‍රධාන වැඩසටහන් වශයෙන් විවිධ ශ්‍රමදාන වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමටත් නියමිතය.
සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නියෝජනය වන පරිදි දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පළාත් පාලන ආයතන, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය ආයතන, විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගයෙන් මෙම වැඩසටහන දියත් කෙරේ .