ත්‍රී රෝද රථ වෘත්තිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවරදී

 ත්‍රී රෝද රථ වෘත්තිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවරදී
  • SocialShare:

"ක්ලීන් ශ්‍රී ලංකා " ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර සංචාරක කර්මාන්තයේ යෙදී සිටින ත්‍රී රෝද රථ වෘත්තිකයින්ගේ සන්නිවේදන කුසලතා සහ යහපත් හැසිරීම වැඩි දියුණු කිරීමේ වැඩසටහනක් මහනුවර සහස් උයන පරිශ්‍ර යේදි පසුගියදා පැවැත් විණි.

මහනුවර , කලාපීය ආර්ථක සංවර්ධන අයතනය සහ ජාතක විද්වත් සංවිධානය කළමෙම වැඩසටහන සෞඛ්‍ ා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හසංක වජේමුණි සහ මධ්‍ම පළාත් ආණ්ඩාකර මහාචාර්ය එස්.බී.ස් අ‍ේකෝන් යන් මහත්වරුනගේ ප්‍රධානත්වයෙන් ම වැඩසටහන පැවැත් විණි.

මෙහිදී ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සිදුකළ අතර , වැඩසටහනට සමගාමීව ත්‍රී රෝද රථ වෘත්තිකයින් වෙනුවෙන් විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් නොමිලයේ සිදු කර ගැනීමට අවස්ථාව සලසා දී තිබුණි

 මෙම අවස්ථාවට කලාපීය ආර්ථක සංවර්ධන ආයතනය සහ ජාතික විද්වත් සංවිධාන නියෝජිතයින් සහ  මහනුවර  ත්‍රී රෝද රථ වෘත්තිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.