කප්රුක සමිති සවි බලගැන්වීමේ වැඩසටහන් මාලාව අද ඇරඹේ

කප්රුක සමිති සවි බලගැන්වීමේ වැඩසටහන් මාලාව අද ඇරඹේ
  • SocialShare:

කප්රුක සමිති ප්රතිසංවිධානය හා බලගැන්වීමේ විශේෂ වැඩසටහන් මාලාවෙහි ප්‍රථම වැඩසටහන අද (19) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ.

මේ අනුව සමාරම්භක වැඩසටහන අද (19) බටුවත්ත, නාරංගොඩපාලුව රත්න ශ්‍රි ඝනාරාම පොත්ගුල් විහාරස්ථානයේදී  ආරම්භවීමට නියමිතය.

මෙම වැඩසටහනට සමගාමීව පොල් ක්ෂේත්රයේ වත්මන් අභියෝග ජයගැනීමේ ජාතික අවශ්යතාව අනුව දීප ව්යාප්තව ක්රියාත්මක පොල් වගාවේ හා පොල් ආශ්‍රිත කුඩා කර්මාන්තවල තාක්ෂණික දැනුම හා සමිති සාමාජික ප්‍රවර්ධන කටයුතු මෙදින සිට ක්රියාත්මක කිරීමට නියමතයි.

කප්රුක සමිති ජාලය මගින් වගාවේ යෙදවුම් සම්පාදනය, නිෂ්පාදනය හා නිෂ්පාදන අලෙවි සම්බන්ධතා සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණු වේ.

කප්රුක අරමුදල කළමනාකරණ මණ්ඩලය හා පොල් වගාකිරීමේ ගම්පහ මණ්ඩලයේ ප්‍රාදේශිය කාර්යාලය  එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.