Clean Sri Lanka වැඩසටහන යටතේ මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී. එස්.අභයකෝන් මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ , මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මධ්‍යම රජය ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට සමගාවීව මධ්‍යම පළාතට උචිත අයුරින් එම වැඩසටහන් කඩිනමින් දියත් කරන බවත් මිනිස් මනස සකස් කිරීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන බවත් ආණ්ඩුකාරවරයා පැවසීය.
මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සම්බන්ධයෙන් මධ්‍යම රජය සමග සාකච්ඡා කරමින් පවතින බවත්, ඒ අනුව මධ්‍යම පළාතේ වැඩසටහන් ඉදිරියේදී දියත් කිරීමට නියමිත බවත් ද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.