චීන සහෝදරත්වයේ සෙනෙහසින් අම්පාර ගංවතුරින් ආපදාවට ලක්වූවන්ට සහන

චීන සහෝදරත්වයේ සෙනෙහසින් අම්පාර ගංවතුරින් ආපදාවට ලක්වූවන්ට සහන
  • SocialShare:

චීන සහෝදරත්වයේ සෙනෙහස වැඩසටහන මඟින් ගංවතුර ආපදාවන්ට ලක් වූ ජනතාව උදෙසා වියලි ආහාර පෙට්ටි 1000ක් ප්‍රදානය කිරීම ඊයේ (29) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ ඒ.අයි. වික්‍රම ශාලාවේ දී පැවැත්විණි.

චීන සහෝදරත්වයේ සෙනහස යටතේ චීන තානාපති Qi Zhenhong මහතාගේ ප්‍රධානත්වයෙන්, අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ මෙහෙයවීමෙන්, අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ජෙගරාජන් මහතාගේ සංවිධානයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

මේ සදහා තානාපතිවරයාගේ බිරිඳ ජින් ක්වාන්, දේශපාලන අංශයේ ප්‍රධානි Qin Ligong, දෙවන ලේකම් Kang Jie, තුන්වන ලේකම් ජින් එන්සේ, අම්පාර සැලසුම් අධ්‍යක්ෂතුමන්, ප්‍රධාන ගණකාධිකාරිතුමන්, අම්පාර ප්‍රාදේශීය ලේකම් තිළිණ වික්‍රමරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු ප්‍රතිලාභිහු රැසක් සහභාගි වූහ.

අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.