රටේ පවතින සහල් හිගය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ දැනට පවතින සහල් තත්ත්වය පිරික්සීමට වීමෝල් සහ ගබඩා පරික්ෂාව ඊයේ (02) සිදු කෙරිණි.
මෙහිදී අම්පාර, සම්මාන්තුර , කල්මුණ සහ අක්කරපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හී වී මෝල් සහ ගබඩා පරික්ෂාවට ලක් කෙරිණි.
මෙම පරික්ෂා කටයුතු සදහා අම්පාර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානි සලිය බණ්ඩාර නවරත්න මහතා, ප්‍රධාන කාර්යාලය නියෝජන කරමින් පැමිණි පාරිභෝගික සේවා අධිකාරියේ සබරගමු පළාත් අධ්‍යක්ෂ තාරක විදානගම ආරච්චි මහතා, අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් අම්පාර සහකාර දිස්ත්‍රික් ලේකම්තුමන් සහ අම්පාර දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන ප්‍රධානිතුමන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.