පොළොන්නරුව සංචාරක කේන්ද්‍රීය නගරයක් ලෙස සංවර්ධනය කරලීමට අවධානය

පොළොන්නරුව සංචාරක කේන්ද්‍රීය නගරයක් ලෙස සංවර්ධනය කරලීමට අවධානය

පොළොන්නරුව සංචාරක නගරයක් ලෙස ප්‍රචලිත කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වු බව පොළොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පෙන්වා දෙයි.

එහිදි පොළොන්නරුවට පැමිණෙන විදේශීය සංචාරකයින් පොළොන්නරුව කේන්ද්‍ර කරගනිමින් නවාතැන් නොගැනීම පිළිබඳව අවධානය යොමුවී තිබේ.

ඒ අනුව සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ ජනතාවට අත් නොවීම සහ එම ප්‍රතිලාභ ජනතාව අතරට බෙදී යෑමේ වැඩපිළිවෙළ සකස් කිරීම සහ පොළොන්නරුවට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනය වැඩි කරගැනීමේ යන කාරණා පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෙම අවස්ථාවට නිවාස නියෝජ්‍ය අමාත්‍යය ටී. බී. සරත් මහතා සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ආයෝජන ආයතනයක විධායක නිලධාරියකු වන මෙයිතන්ස් මේස් මහතා ඇතුළු පිරිසක්ද එක්වූහ.

 
 
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.