මහියංගණ ආසනයේ රිදීමාලියද්ද ප්‍රදේශයේ දරුවන් හා තරුණ පරම්පරාවේ ක්‍රීඩා කෞශල්‍යයන් වර්ධනය කිරීමේ අරමුණින් රුපියල් මිලියන 80ක වටිනාකමින් යුත් අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ව්‍යාපෘතියට අදාළ විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂාවක් ජුනි 19 දින වැවිලි ප්‍රජා වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රීඩාංගණයේ ඉඩ ප්‍රමාණය පුළුල් කිරීම, ධාවන පථ ඉදිකිරීම සහ ප්‍රවේශ මාර්ග ඇතුළු යටිතල පහසුකම් නවීකරණය කිරීම සිදු කිරීමට නියමිතය.
විද්‍යාල බලධාරීන්, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් ද ලබා ගනිමින් සංවර්ධන සැලැස්ම කඩිනමින් අවසන් කර ඉදිකිරීම් ආරම්භ කිරීමට සාකච්ඡා වී තිබේ.
ප්‍රදේශයේ ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් මෙතරම් විශාල මුදලක් වෙන් කළ පළමු අවස්ථාව ලෙස සැලකෙන මෙම ව්‍යාපෘතිය, රිදීමාලියද්ද සහ අවට ප්‍රදේශවල දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ අවස්ථා කරා ගමන් කිරීමට ශක්තිමත් පදනමක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට දිනිඳු සමන් හෙන්නායක, සුදත් බලගල්ල ඇතුළු මහජන නියෝජිතයින්, විද්‍යාල බලධාරීන්, දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයින් පිරිසක් එක්ව සිටියහ.


