යාපනය දිස්ත්‍රික්කයේ “සිසුසැරිය” පාසල් ප්‍රවාහන සේවයට අයත් බස් රථ දෙකක ඩිජිටල් ගෙවීම් පද්ධතියක් නියමු ව්‍යාපෘතියක් ලෙස අද (01) සිට ක්‍රියාත්මක කෙරිණි.
ඒ අනුව උසන් සිට යාපනය දක්වා සහ උසන් සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වන “සිසුසැරිය” බස් රථ දෙකේ ගමන් ගාස්තු සිසුන්ට ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ ගෙවීමට අවස්ථාව සලසා ඇත.
සිසුසැරිය සේවාව යටතේ පාසල් සිසුන් සාමාන්‍ය බස් ගාස්තුවෙන් සියයට 50ක පමණ මුදලක් පමණක් ගෙවිය යුතු අතර ඉතිරි කොටස රජය විසින් දරනු ලබයි. මෙය පාසල් සිසුන් සඳහා ආරක්ෂිත සහ සහනදායී ප්‍රවාහන සේවාවක් සැපයීම අරමුණු කරගත් ජාතික වැඩසටහනකි.
මෙම නව ඩිජිටල් පද්ධතියේ විශේෂත්වයක් ලෙස, සිසුවෙකු බස් රථයට ගොඩවන අවස්ථාවේදී සහ බස් රථයෙන් බැස යන අවස්ථාවේදීද දෙමාපියන්ගේ ජංගම දුරකථනයට ස්වයංක්‍රීය කෙටි පණිවිඩ (SMS) යොමු කෙරේ. ඒ මඟින් දරුවන්ගේ පාසල් ගමන් පිළිබඳ ආරක්ෂාව හා තොරතුරු කඩිනමින් ලබාගැනීමේ හැකියාව දෙමාපියන්ට ලැබේ.


