විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ මෙහෙයවීම මත කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ කෑගල්ල දිස්ත්‍රික් විදාතා ප්‍රදර්ශනය සහ නවෝත්පාදන සායනය ඊයේ (26) පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගර සභා ශාලාවේදී ආරම්භ විය.
"පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්" ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ප්‍රාදේශීය මට්ටමින් බිහිවන ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සංවර්ධනය කිරීම, නවෝත්පාදන දිරිගැන්වීම සහ නව නිපැයුම්කරුවන්ට අවශ්‍ය සහාය ලබාදීම මඟින් ජාතික ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
වැඩසටහන අතරතුර ගලිගමුව විදාතා මධ්‍යස්ථානයේ ව්‍යවසායිකා නිලක්ෂි විජේසිංහ මහත්මියට GMP ජාත්‍යන්තර තත්ත්ව සහතිකය සංකේතාත්මකව පිරිනැමීම ද සිදු කෙරිණි.
මහජන බැංකුවේ ණය යෝජනා ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් ප්‍රාදේශීය කළමනාකරු උපුල් බණ්ඩාර මහතා විසින් පවත්වන ලදී.
ප්‍රදර්ශනය සඳහා පාසල් සිසුන් සහ ව්‍යවසායකයන් විසින් නිර්මාණය කරන ලද නව නිෂ්පාදන හා නවෝත්පාදන උපකරණ රැසක් ප්‍රදර්ශනයට එක් කර තිබූ අතර, කෑගල්ල දිස්ත්‍රික් විදාතා නිලධාරී සිදත් සංගක්කාර මහතාගේ සම්බන්ධීකරණයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල විදාතා නිලධාරීන් එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
එම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ විදාතා අධ්‍යක්ෂ මනෝජි කරුණාරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර යන මහත්ම මහත්මීන්, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම්තුමන්, සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය, විදාතා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයන් ,පාසල් සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ


