"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහනට සමගාමීව ඉදිකළ නව නිවසක් නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ප්‍රතිලාභියෙකු වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාදුලාව දකුණ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි කසුන් කාංචන මහතා වෙත නව නිවසේ අයිතිය ලබා දෙන ලදි.
2026 වසරේ වැඩිම නිවාස සංඛ්‍යාවක් ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන අතර කොළඹ දිස්ත්‍රික්කය තුළද එහි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම අවස්ථාව මාදුලාව ශ්‍රී සුධර්මාරාම, කුරුගල ශෛලන්තරාරාම සහ ජයමුතුගම චාන්දනී වැලිකල විහාරස්ථානවල විහාරාධිපති මාදුලාවේ සුබෝධි ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ පැවැත්විණි.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි මහතා සහ අරුණ පනාගොඩ මහතා, හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තිලක් මල්වත්ත මහතා, පාදුක්ක ප්‍රාදේශීය ලේකම්තුමිය, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


