මාතර නගර සභා බල ප්‍රදේශය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් එක්ව ආරම්භ කළ ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ඊයේ (10) මාතරවෛද්‍ය සාලි මාවතේ ඇළ මාර්ග පවිත්‍ර කිරීම මාතර මහා නගර සභාවේ මැදිහත්වීමෙන් සිදු කෙරිණි.
වෛද්‍ය සාලි මාවතේ වතුර එක් රැස්වන ඇළ මාර්ග වල එකතු වී ඇති කැලි කසල හා වැලි ඉවත් කිරීම සහ බතූතා පාරේ වැසි දිනයන් වල දී වතුරෙන් යටවීමට ප්‍රධානතම හේතූන් වන ඇලමාර්ග වල ඇති කැලි කසල සහ වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීම මෙහි දී සිදු කරන ලදි.
ඩෙංගු මර්දනය යනු හුදෙක් ආයතනික වගකීමක් පමණක් නොව, එය මහජනතාවගේ ද සෘජු සහයෝගය අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, ඉදිරි කාලසීමාව තුළදී ද මෙවැනි පිරිසිදු කිරීමේ වැඩසටහන් අඛණ්ඩව සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් මේ අවස්ථාවට එක් වූ මාතර නගරාධිපති, නීතිඥ ජයන්ත පතිරණ මහතා පැවසී ය.
මේ අවස්ථාවට මාතර උප නගරාධිපති නිශාන්ත වික්‍රමරත්න මහතා ඇතුලු නාගරික මන්ත්‍රීවරුන්, නාගරික කොමසාරිස්තුමිය ඇතුළු නගර සභාවේ සේවක පිරිසක් හා ගම්වාසීන් සහභාගි වී සිටියහ.


