කෑගල්ල - අරණායක කොට්ඨාසයේ දිට්වා ආපදාවෙන් හානි වු ජනතාවට වන්දි ප්‍රදානය කෙරේ

කෑගල්ල  - අරණායක කොට්ඨාසයේ  දිට්වා ආපදාවෙන් හානි වු ජනතාවට වන්දි ප්‍රදානය කෙරේ
  • SocialShare:

කෑගල්ල  - අරණායක ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  දිට්වා ආපදාවෙන් හානි වු නිවාස සඳහා  වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ ආරම්භක වැඩසටහන ඊයේ ( 05) කෑගල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති  පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩසටහන මඟින් පළමු අදියර යටතේ රුපියල් මිලියන 2ක මුදලක්  ද , ඉතිරිය  රුපියල්  මිලියන 1.5 බැගින් වාරික 2 ක් ලෙස  මුළු වන්දි මුදල රුපියල් මිලියන 5 කොටස් වශයෙන් ලබා දිමට නියමිතය.

මෙම අවස්ථාවට  පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා ඇතුළු  ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, අරනායක  ප්‍රාදේශිය ලේකම් ෂාමලී පියතිස්ස මහත්මිය,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරිතුමා ඇතුළු ග්‍රාම නිලධාරීන්,ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ආපදා අංශයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිලාභ ලැබූ පවුලේ සාමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වුහ.