සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම හා දේශීය නිෂ්පාදන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව නඟා සිටුවීමේ අරමුණින් “තිරසර සංචාරක ගම්මාන (FAM Tour) ” වැඩසටහන හඳුන්වාදෙන බව ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
අත්තනගල්ල ප්‍රදේශයේ අලවල ගම්මානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන ලද ප්‍රජා මූල “තිරසර සංචාරක ගම්මානය” (FAM Tour) වැඩසටහන ඊයේ (29) නිල වශයෙන් එළිදැක් වූ අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙරටේ එකම ගමක් තුළ දිනක් පුරා විවිධ සංචාරක අත්දැකීම් විඳිමින් ගතකිරීමට අවස්ථාව උදාවන මුල්ම අවස්ථාව ලෙස මෙම සංචාරක ගම්මානය හඳුන්වා දිය හැකි බවද ඔහු පැවසීය.
මෙම ව්‍යාපෘතිය බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහනට එක් වූ සංචාරකයින්ට කරන්නාගොඩ ජලාශය ආශ්‍රිත බෝට්ටු සවාරිය, අලවල මිනිරන් පතල නැරඹීම, සාම්ප්‍රදායික බෙර නිෂ්පාදන ක්‍රියාවලිය, මී මැසි පාලනය, බට සහ ලී ආශ්‍රිත නිෂ්පාදන, මහකන්ද රක්ෂිතය සහ ආරණ්‍ය සේනාසනය නැරඹීම, කඹ ආධාරයෙන් කඳු බැසීමේ ත්‍රාසජනක අත්දැකීම අත්විඳීම මෙන්ම දේශීය සාම්ප්‍රදායික ගොවි උපකරණ හා සංස්කෘතික උරුමයන් නිරීක්ෂණය කිරීම ඇතුළු නවමු අත්දැකීම් රැසක් ලබා ගැනීමට අවස්ථාව ලැබිණි.
මෙම ගම්මානය ආශ්‍රිතව රුක් රෝපණ වැඩසටහනක් ද ඊයේ (29) සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික හෙට්ටිආරච්චි සහ රුවන් මාපලගම මහත්වරුන්, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති ආචාර්ය මහේෂ් ප්‍රියදර්ශන මහතා, සංචාරක මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී පාලිත මල්පෝරු මහතා ඇතුළු නිලධාරීන් සහ අලවල ගම්වාසීන් පිරිසක් ද එක්ව සිටියහ.


