දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ඉරණවිල – තොඩුවාව පාලම නැවත ගමනාගමනය සඳහා විවෘත කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසීය.
මෙම පාලම යළි විවෘත කිරීම මඟින් මාරවිල – හලාවත අතර ප්‍රවාහන පහසුකම් යථා තත්ත්වයට පත් වීමත් සමඟ ප්‍රදේශවාසීන්ට විශාල පහසුවක් ලැබෙනු ඇත.
මෙම පාලමේ පාදම ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 70ක මුදලක් වැය කර ඇති අතර, ඉන්දියාවෙන් රැගෙන එන ලද යකඩ කොටස් සහ අනෙකුත් අමුද්‍රව්‍ය ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කර තිබේ.
ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත්තේ ඉන්දීය යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය විසිනි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


