රටම එකට ජාතික වැඩසටහනට සමගාමීව මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් රාජාංගනයේදී

රටම එකට ජාතික වැඩසටහනට සමගාමීව  මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් රාජාංගනයේදී
  • SocialShare:
“රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව මත්ද්රව්ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් හා පාගමනක් පසුගියදා රාජාංගනයේදි පැවැත්විණි.
කළුන්දෑගම සිට කණු 5 දක්වා පැවැත්වූ මෙම පාගමන මත්ද්රව්ය විරෝධී පණිවිඩය ජනතාව අතරට ගෙනයාම අරමුණු කරගෙන සංවිධානය කර තිබුණි
.
මෙම අවස්ථාවට අර්ථවත් අංගයක් එක් කරමින් රාජාංගනය යාය 05 නවෝද්යා ජාතික පාසලේ සිසු දරුවන් විසින් වීදි නාට්යයක් ද රඟ දක්වා තිබූ අතර, සිරිමාපුර මහා විද්යාලයේ සිසුන් සහ ගුරුභවතුන් ද සක්රීයව එක්වූහ.
 
මෙම වැඩසටහන රාජාංගනය ප්රාදේශීය සභාවේ මූලිකත්වයෙන් සංවිධානය කළ අතර, රාජාංගනය ප්රාදේශීය ලේකම් කාර්යාලය, එමෙන්ම රාජාංගනය ප්රදේශයේ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාතඹුත්තේගම පොලීසිය, රාජාංගනය පොලීසිය, ස්වෙච්ඡා සංවිධාන සහ ප්රදේශයේ මහජනතාවගේ සක්රීය සහභාගිත්වයෙන් මෙය ක්රියාත්මක කර තිබුණි.