2026 වසරේ ඉදිරි මාස කිහිපය ඇතුළත බදුල්ල, ඔලියමන්ඩිය වත්තේ පදිංචි පවුල් 523කට නීත්‍යානුකූල ඉඩම් හිමිකම් පත්‍ර ලබාදීමට තීරණය කර ඇත.
ඊයේ (19) පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදීමට අදාළ පියවර ගෙන ඇති බව වාර්තා වේ.
1978 වසරේ සිට මෙම ප්‍රදේශයේ ජනතාව පදිංචිව සිටියද, අදාළ ඉඩම් වතු සමාගම් සහ පුද්ගලික අංශයට අයත්ව තිබීම හේතුවෙන් ඔවුන්ට මෙතෙක් කිසිදු නීත්‍යානුකූල හිමිකම් පත්‍රයක් හිමිව නොතිබුණි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔලියමන්ඩිය වත්තේ පදිංචිකරුවන්ට නීත්‍යානුකූල හිමිකම ලබාදීම සඳහා බදුල්ල මහා නගර සභාව මගින් යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියෝජ්‍ය නගරාධිපතිවරයා එකඟතාව පළ කර ඇත.
ඊට අමතරව, එම යෝජනාව පළාත් ඉඩම් කොමසාරිස්තුමිය හරහා ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය සඳහා යොමු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද සාකච්ඡා වී තිබේ.
මේ අතර, ඉඩම් අමාත්‍යාංශය මගින් අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද තීරණය කර ඇත.


