විදුලිය අරපිරිමැස්මෙන් භාවිතයට ගන්න - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතයට ගන්න - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
  • SocialShare:

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් සවස 6.00 සිට රාත්රී 10.00 දක්වා කාලයේදී අනවශ්ය විදුලි පහන් නිවාදමා විදුලි පරිභෝජනය අඩු කිරීමට කටයුතු කරන ලෙසත් කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ,මාතර දිස්ත්‍රික්කයේ ඊයේ (24) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

මෙහිදී පසුගිය රැස්වීමේදී ගත් තීරණවල ප්‍රගතිය සමාලෝචනය කළ අතර  චාලි මවුන්ට් කසලංගනයේ තත්ත්වය, මාතර කොටු දොරකඩ අසළ කැණීම් කටයුතු, දෙනියාය යොවුන් සේනාංක මධ්‍යස්ථානය පිහිටි ඉඩම අධ්‍යාපන අමාත්‍යාංශයට පවරාදීම, පොල්හේන උසස් පුහුණු මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය, කොටවිල නව පරිපාලන සංකීර්ණය ඉදිකිරීම, ලවණ බාධකය හා හක්මන මිද්දෙනිගොඩ පාලම ඉදිකිරීම ඇතුළු කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

මාතර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය වේගයෙන් පැතිර යාම පිළිබඳව වෛද්‍ය දිලානි මාතර ආරච්චි මහත්මිය කමිටුව දැනුවත් කළ අතර, සියලුදෙනා එක්ව ඒ සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බවද අවධාරණය කළාය.

මෙම රැස්වීමේදී පළාත් සභා පළාත් පාලන කටයුතු, රාජ්‍ය පරිපාලන, ආරක්ෂක කටයුතු ,මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන කටයුතු ,ඩිජිටල් ආර්ථික කටයුතු, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු ,විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු ,කෘෂිකර්ම පශූ සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු, ප්‍රවාහන හා මහා මාර්ග කටයුතු, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු ,ධීවර ජලජ හා සාගර සම්පත් කටයුතු, කම්කරු කටයුතු ,වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු, නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය කටයුතු, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතාවය සහ සමුපකාර සංවර්ධන කටයුතු ,අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු, කාන්තා හා ළමා කටයුතු, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ කටයුතු, මහජන ආරක්ෂක කටයුතු, ආගමික හා සංස්කෘතිය කටයුතු ,තරුණ කටයුතු හා ක්‍රීඩා කටයුතු ,විද්‍යා හා තාක්ෂණ කටයුතු, බලශක්ති කටයුතු, පරිසර කටයුතු ආදී පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාවට සරෝජා සාවිත්‍රී පෝල්රාඡ් මහත්මිය, අරකම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නියෝජිතයින් බොහෝ පිරිසක් සහභාගී විය.