අඟුණකොළපැලැස්ස වැව ආශ්‍රිත “Leisure Island” ජනතා අයිතියට

අඟුණකොළපැලැස්ස වැව ආශ්‍රිත “Leisure Island” ජනතා අයිතියට
  • SocialShare:

අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කළ අඟුණකොළපැලැස්ස වැව ආශ්‍රිත බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය “Leisure Island” ඊයේ (15) ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


මෙම ව්‍යාපෘතිය සඳහා මුල් ඇස්තමේන්තුගත මුදල රුපියල් හත් කෝටි පහලොස් ලක්ෂයක් වුවද, ව්‍යාපෘතිය රුපියල් හය කෝටි විසිදෙලක්ෂ පනස්නවදහස් පන්සිය හැත්තෑ හතරක මුදලකින් සාර්ථකව අවසන් කිරීමට හැකි විය.
ව්‍යාපෘතිය සඳහා මුල්‍ය ප්‍රතිපාදන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් ලබා දී ඇති අතර, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන, දකුණු පළාත් ආණ්ඩුකාරවර ප්‍රතිපාදන සහ ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන ද ඒ සඳහා යොදා ගන්නා ලදී.
එමෙන්ම, කොට්ඨාස සභා, මහජන ආරක්ෂක කමිටු, ග්‍රාමීය ස්වේච්ඡා සංවිධාන සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වය මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට දායකත්වය ලබා දී ඇත.