මාතර දිස්ත්‍රික්කයේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීමේ අරමුණින් ඒකාබද්ධ සංවර්ධන කමිටු සාකච්ඡාවක් පසුගියදා (27) පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම්/දිසාපති චන්දන තිලකරත්න මහතාගේ සහභාගීත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය දිසාපති නිල මැදුරේදී පැවැත්විණි.
ප්‍රජා ශක්ති සමිති සභාපතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් බිම් මට්ටමේ ජනතාට විවිධ ක්ෂේත්‍රයන් ගැන අවබෝධයක් ලබා දීමත් සුළු හා මධ්‍යම ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනයන් දිරිමත් කිරීමත් ,ඔවුන්ට නිසි නියම සාධාරණ අලෙවි වෙළඳපොළක් නිර්මාණය කර දීමත්, රුහුණු විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයට අනුබද්ධව ස්ථාපිත HARVEST CENTRE හඳුන්වා දීමත් සමග කෘෂි ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල පරීක්ෂණාගාර පහසුකම් හා ඒවා දියුණු කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමත් මෙම වැඩපිළිවෙල මඟින් සිදු කෙරේ.
මෙම සාකච්ඡාවේදී ව්‍යවසායකයන් දැනුවත් කිරීමත්, වසායකයින්ට ශක්තියෙන් නැගී සිටීමට යම්කිසි කාලසීමාවක් අවශ්‍ය බවත් ඒ සඳහා ඔවුන්ට නිදහසේ සිය ව්‍යාපාර කරගෙන යෑමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දිය යුතු බවත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළම සිටින ව්‍යවසායකයින්ගේ අත්දැකීම් හා පලපුරුද්ද නවක ව්‍යවසායකයින් හට බෙදා හදා ගැනීමට වේදිකාවක් තනා දීමට කර්මාන්ත අමාත්‍යාංශය හා දකුණු පළාත් සියලුම අමාත්‍යාංශ අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවයත් පිළිබඳව දැඩි අවධානයක් යොමු විය.
මෙම අවස්ථාවට මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මියත් ,කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සිසිර ටීනවිල මහතාත්, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ප්‍රසාදනී බෝමිරියමහආරච්චි මහත්මියත්, දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කේ.එච්.එල් ප්‍රියන්ත මහතාත්, කාර්මික සංවර්ධන මණ්ඩලය,දකුණු පළාත් සංවර්ධන අධිකාරිය, දිස්ත්‍රික් විදාතා ඒකකය, කුඩා ව්‍යාපාර සංවර්ධන අධිකාරිය ව්‍යවසාය සංවර්ධන අධිකාරියත්, දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ පිරිසක් සහභාගී වූහ.


