සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන "ඇසි දිසි පියවර" මාධ්‍යවේදී අභිප්‍රේරණ වැඩමුළු මාලාවේ අටවැනි වැඩමුළුව ඊයේ(10) පොළොන්නරුවේ දී පැවැත්විණි.
මාධ්‍යවේදීන්ගේ දැනුම කුසලතා සහ වෘත්තීය හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් “ඇසිදිසි පියවර” වැඩමුළු මාලාව සංවිධානය කර තිබේ.
පොළොන්නරුව ගිරිතලේ අග්බෝ හෝටල් පරිශ්‍රයේ දී පැවැත් වුණු මෙම වැටමුළුවට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර යන මහත්වරු එක්ව සිටියහ.


