“ ඇසි දිසි පියවර ,, අනුරාධපුර දිස්ත්රික් මාධ්යවේදී වැඩමුළුව අද (09) අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයී ය ශ්රවණාගාරයේ දී පැවැත්වීණි.
ජනමාධ්යවේදින්ගේ දැනුම ,කුසලතා ,සහ වෘත්තීය හැකියාවන් ප්රවර්ධනය කිරීම මෙහි අරමුණයි. ප්රාදේශිය මාධ්යවේදීන්ට පවතින විවිධ ගැටලු මෙන්ම වෘත්තීය නිපුණත්වය සදහා අවශ්ය වන විවිධ ක්ෂේත්ර පීලිබදව මෙහි දී දීර්ග වශයෙන් සාකච්ඡා විය.
ජනමාධ්ය ආචාරධර්ම පිලිබඳව විශේෂ දේශනයක් සිදුකළේ, ජනාධිපති මාධ්ය අධ්යක්ෂ ජනරාල් ප්රසන්න පෙරේරා මහතා යි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ මාධ්ය වෘත්තිය පිලිබදව කරුණු ඉදිරිපත් කිරිම රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා සිදුකළේ ය.
වැඩසටහනේ දී අදහස් දක්වමින් අනුරාධපුර දිස්ත්රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා සදහන් කළේ , අනුරධපුර මාධ්යවේදී පිරිස රජයේ සංවර්ධන වැඩසටන් ජනතාවට දැන ගැනීමට සැලැස්වීමේ දී ඉතා වටිනා කාර්යභාරයක් ඉටුකරන බව යි.
මෙම සාකච්ඡාවේ දී මාධ්යවේදීන්ට තමන්ගේ ගැටළු හා අදහස් ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබා දුන් අතර එහි දී වැඩිදෙනාගේ ඉල්ලීම වුයේ , තමන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කරගැනිමට අවශ්ය මගපෙන්වීම ඉදිරියේ දී බලාපොරොත්තු වන බව යි. රජයෙන් ක්රියාත්මක කිරිමට සැලසුම් කර ඇති වරලත් මාධ්ය ආයතනයක් ස්ථාපිත කිරිමේ වැඩපිළිවෙළ පිලිබදව තමන් ඉහළ බලාපොරොත්තුවකින් පසුවන බවත් , මාධ්යවේදී හු සදහන් කලහ.
අතිරේක දිස්ත්රික් ලේකම් සන්ධ්යා අබේසේකර , රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ එල්.පී. තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.


