2025 ලෝක ජනාවාස දිනයට සමගාමීව පළමු අදියර ලෙස මාතර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 133 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ දහයක නිවාස ආධාරයක් ලබාදීම පසුගියදා සිදුවූ අතර එයින් නිවාස 67 ක් මේ වන විටත් සාදා නිමකර ප්‍රතිලාභී පවුල් පදිංචියට ගොස් ඇත.
එහි දෙවන අදියර ලෙස තවත් පිරිසකට නිවාස ආධාර ලබාදීම හා හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩසටහනක් හෙට (09) නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික්කාර්යාලයේ දී පැවැත්වේ.
හෙට (09) හිමිකම් ඔප්පු 50 ක් සහ රුපියල් ලක්‍ෂ දහයක් වටිනා නිවාස ආධාර චෙක්පත් 35 ක් ප්‍රදානය කිරිමට නියමිතය.


