ළමා ආරක්ෂාව පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය හදුන්වාදීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී

ළමා ආරක්ෂාව පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය හදුන්වාදීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී
  • SocialShare:

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ළමා හා කාන්තා කාර්‍යාංශයන්හි සේවයේ නියුතු පොලිස් නිලධාරින් සඳහා  ළමා ආරක්ෂාව පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය හදුන්වාදීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

 දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති හිටපු මහාධිකරණ  විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මෙහිදී, ළමා ආරක්ෂක අධිකාරියේ කාර්‍යභාරය, අධිකාරි පනත හා එහි කාර්යයන් පිළිබඳව, ළමා ආරක්ෂණ පනත පිළිබඳව,  ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය හා එහි මාර්ගෝපදේශ මූලධර්ම සහ වටිනාකම් ක්‍රියාත්මක කිරීමේ පස් අවුරුදු සැලැස්ම පිළිබඳව හැදින්විම යනාදිය පිළිබඳව සාකච්ඡා කරන ලදී.

ඉන් අනතුරුව දිස්ත්‍රික්කය තුළ ළමා ආරක්ෂණය සඳහා ප්‍රතිපත්ති රාමුව/ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශය පිළිබඳව නිළධාරින් සමග සාකච්ඡා කිරීම සිදුවිය. ප්‍රවෘත්ති වාර්තාකරණයේදි  මාධ්‍යවේදීන්ට ඇති වන ගැටළු සහ ළමුන් සම්බන්ධව කටයුතු කිරීමේ දී පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශ නිලධාරින් මුහුණ දෙන ප්‍රායෝගික ගැටළු පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමියගේ විශේෂ අවධානයක් මෙහිදී  යොමු විය.